හදන්නෙ කොහොමද කියලා හැමෝම ඉගෙන ගත යුතු විශේෂ  ශ්‍රී ලාංකික ආහාර කිහිපයක්

හදන්නෙ කොහොමද කියලා හැමෝම ඉගෙන ගත යුතු විශේෂ ශ්‍රී ලාංකික ආහාර කිහිපයක්

චොකලට් බිස්කට් පුඩිං

සෑම දෙනෙක්ම කන්න ආස චොකලට් බිස්කට් පුඩිං හදන්න ගිහින් කිසිම අමාරුවක වැටෙන්නෙ නම් නෑ. එයට හේතුව මේ පුඩිං එක හදන්න අවශ්‍ය සෑම දෙයක්ම පාහේ ඔබේ කුස්සියෙන්ම හොයාගැනිමට හැකිවීමයි.  අනෙක් කරුණ නම් ඔබට මේ පුඩිං එක බේක් කරන්න අවශ්‍ය වෙන්නෙ නෑ!  ඔබට තියෙන්නේ අවශ්‍ය ද්‍රව්‍ය ටික තට්ටු ආකාරයට සකස් කරලා  අවශ්‍ය සුවඳට සහ පදමට හැදිලා එනකම්  ශීතරකරණයට දාලා බලන් ඉන්න එක විතරයි.

උණු බටර් දැල්ලෝ

උණු බටර් දාලා හදන දැල්ලෝ චයිනීස් ආහාරයක් වුණත් දැන් ඒක ශ්‍රී ලාංකික චයිනිස් ආහාරයක් විදියට සලකන්න පුළුවන්. ඔබට ගැඹුරු තෙලේ බදින්න පුළුවන් ක්‍රමයක් තියෙනව නම් මේක හදාගන්න හරිම ලේසියි. ඒත් මේක හදන්න ටිකක් වෙලාව ගන්න. කලබල වෙන්න එපා, දැල්ලෝ පිගාන ඔබේ මේසෙට එන්න කලින් කර කර ගාන පිටි මිශ්‍රණයකට දාන්නත් තියෙනවා කියලා අමතක කරන්න එපා!

උණු බටර් බිම්මල්

උනු බටර් දැල්ලෝ පීරිසියක ඇති දැවිල්ල, කර කර ගා හැපෙන ප්‍රණීත රසයට ඔබ ආස වුණත් එහි නිර්මාංශ අත්දැකීම ලබන්න ඔබට ආස නම්, ඔබට කරන්න තියෙන්නේ දැල්ලා මාළුවාගේ සිට බිම්මල් වලට මාරු වෙන විතරයි. තර්ක කරමු, මේක තමයි නියමම විදිය!

ලම්ප්‍රයිස්

ලම්ප්‍රයිස් ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේ ලන්දේසි බර්ගර්වරුන් වුණත් දැන් ඒක පුළුවන් තරම්  ශ්‍රී ලාංකික කෑමක් වෙලා ඉවරයි.  මේ කෑම පිගානෙ තියෙන කෑමවල ඇති විවිධත්වය නිසාම ඒක ටිකක් සංකීර්ණයි තමයි. ඒත් ඒක ඇතුළෙ හැම දෙනාටම තමන් කැමති දෙයක් තියෙන නිසා ලම්ප්‍රයිස් එකක් හම්බවෙන සෑම වෙලාවකම ඔබව පුදුමයට පත්වෙනවා නොඅනුමානයි.

ලව් කේක්

මේ කේක් වර්ගය ඉතින් සාමාන්‍යයෙන් හදලා පිරිනමන්නෙ උපන්දිනවලදී සහ නිවාඩු කාලයේදී විතරයි.  ඒත් අපිට හොයාගන්න බැරිද හේතුවක් කජු වලින් පිරුණු මේ සුවඳ හමන කේක් එකක් බේක් කරන්න කුඩා ප්‍රමාණයේ සාද වලට වුණත්?  ලව් කේක් හදලා ඕනෑම දවසක් විශේෂ දවසක් කරගනිමු.

කකුළුවො වෑංජනය

මේ පිගාන නම් ටිකක් මිල අධිකයි. ඒත් මේ රසවත්, අතිශය ප්‍රණීත කකුළුවො වෑංජනය නම් ඕනෑම විශේෂ අවස්ථාවකට ගැලපෙනවා. සත්තකින්ම,කකුළුවො නැවුම් වුණ තරමට රසය නම් නියමයිර්‍!.

බිරියානි

ඔබ සැලසුම් කරනවා නම් පවුලේ අය එකතු වෙන සාදයකට කෑමක් හදන්න, ඔබට අනෙක් සියලුම දෙනා තෘප්තියට පත් කරවන්න පුළුවන් බිරියානි හදලා.  බිරියානි ඉක්මණින් හදන්න පුළුවන් වුණත් ඔබට ටිකක් වෙලා කලින් සැලසුම් කරන්න වෙයි. මොකද බිරියානි හදනවට වැඩිය වෙලාවක් යනවා අවශ්‍ය කළමනාකරණ ටික සූදානම් කරන්න.

 

රට ඉඳි කේක්

 

ඔබ බොහෝ පිරිසක් එකට එකතු වී විනෝද වෙන අවස්ථාවක් වෙනුවෙන් සැලසුම් කරනවා නම්, ඔබට රට ඉඳි කේක්  හදන එක නම් වරද්දගෙන බෑ.  අවුරුදු කාලය වුණත් නොවුණත් තේ එකක් බොන්න නියමෙට ගැලගෙන රස කැවිල්ලක් තමයි මේ. ඔබට රට ඉඳි  පොඩි කරන්න කම්මැලි නැත්නම් මේ රස කැවිල්ල හදන එක හරිම පහසුයි.