රහස්‍යතා ආරක්ෂණ ප්‍රතිපත්ති

පෞද්ගලික තොරතුරු එකතු කරන්නේ ඇයි සහ කුමක් සඳහා ද සහ ඔබගේ පුද්ගලික තොරතුරු සම්බන්ධයෙන් ඔබට ඇති අයිතිවාසිකම් මොනවාද වැනි වැදගත් තොරතුරු දැනගැනීම සඳහා කරුණාකර මෙම වෙබ් පිටුවේ ඇති රහස්‍යතාව ආරක්ෂා කිරීම සම්බන්ධ ප්‍රතිපත්තිය හොඳින් කියවන්න. එමෙන්ම මෙම රහස්‍යතා ප්‍රතිපත්තිය මගින් ඔබගේ පුද්ගලික තොරතුරු සම්බන්ධයෙන් ඔබට ඇති අයිතිවාසිකම් මොනවාද යන්න ආවරණය කරනු ලබන අතර, ඔබට යම් ගැටළුවක් ඇති වුවහොත් වෙඩ් අඩවියේ පරිපාලකයින් සම්බන්ධ කරගන්නා ආකාරය ගැන වැදගත් තොරතුරු ද ඇතුළත් කර ඇත.

දත්ත ආරක්ෂණ නීති සම්පාදනය

මෙම වෙඩ් අඩවිය මගින් එකතු කරනු ලබන පුද්ගලික තොරතුරු සාමාන්‍ය දත්ත නීතිය (EU) 2016/679 මගින් සහ වෙනත් පුද්ගලික හා දත්ත ආරක්ෂණ නීති ( දත්ත ආරක්ෂණ නීති සම්පාදනය) යටතට ගැනෙන අතර, එම නීති වලින් ආරක්ෂණය වේ.

මෙම වෙබ් අඩවිය

මෙම රහස්‍යතා ආරක්ෂණ ප්‍රත්පත්තිය අදාළ වන්නේ හෙළවිරුවෝ.කොම් හි ඔබ සිදු කරන පරිශීලන සඳහා පමණි.

ඔබගේ පෞද්ගලික තොරතුරු එකතු කිරීම හා භාවිතා කිරීම

මෙම වෙබ් අඩවිය සමග ඔබ සම්බන්ධ වීමේදී හා භාවිතා කිරීමේදී ඔබගේ සමහර පෞද්ගලික තොරතුරු එකතු කෙරෙනු ඇත. එම තොරතුරු එකතු වීම ඔබ මෙම වෙබ් අඩවිය භාවිතා කරන ආකාරය හා වෙබ් අඩවිය සමග සම්බන්ධ වන ආකාරය අනුව තීරණය වේ. එම තොරතුරු පහත පරිදි වේ.

  • භාවිතා කරන දත්ත ඔබ අපගේ වෙබ් අඩවිය හා සේවාවන් භාවිතා කරන ආකාරය ඇතුළත්ව
  • සන්නිවේදන දත්ත ඔබ අප වෙතින් සහ තෝරාගත් තුන්වන පාර්ශ්වයන්ගෙන් ලබාගන්නා වඩාත්ම කැමති සන්නිවේදන තොරතුරු
  • තාක්ෂණික දත්ත ඔබ අන්තර්ජාලය හා සම්බන්ධ වන බ්‍රවුසරය හා සම්බන්ධ තොරතුරු, වෙබ් අඩවිය හා සම්බන්ධ වන ක්‍රමය, වෙබ් අඩවිය හා සම්බන්ධ වන උපාංගයේ ස්වභාවය යනාදි තොරතුරු

    සහ

  • අමතර ස්වේච්ඡා දත්ත අපගේ වෙබ් අඩවියේ ඇති තරඟ වැනි විවිධ විශේෂාංග සමග ඔබ ස්වේච්ඡාවෙන් සම්බන්ධ වන ආකාරය හා සම්බන්ධ තොරතුරු රැස්කෙරෙනු ඇති අතර, අනන්‍යතා දත්ත, සම්බන්ධතා දත්ත, සහ සෞඛ්‍ය සම්බන්ධ දත්ත යනාදිය ඒවාට ඇතුළත් වේ.

මෙම පෞද්ගලික තොරතුරු එකතු කිරීම මගින් සිදු කරන්නේ වෙබ් අඩවිය වඩාත් අභිරුචිකරණය සිදු කිරීම සහ පරිශීලකයින්ට වඩාත්ම අදාළ සහ ගැලපෙන ආකාරයට වෙබ් අඩවිය භාවිතා කිරීමට හැකිවීම තහවුරු කිරීමයි.

මෙම වෙබ් පිටුව ළමයින්ගේ භාවිතය සඳහා නොවන අතර, ළමයින් සම්බන්ධ තොරතුරු කිසිදු ආකාරයකින් එකතු කිරීමක් හෝ භාවිත කිරීමක් සිදුවන්නේ නැත.

ඔබගේ පෞද්ගලික තොරතුරු සකස් කිරීම සම්බන්ධ නීතිමය පදනම

පෞද්ගලික තොරතුරු එකතු කිරීමේදී හා භාවිතා කිරීමේදී අනිවාර්යයෙන්ම නීතිමය පදනමක් තිබිය යුතුවේ. පෞද්ගලික තොරතුරු එකතු කිරීම හා භාවිතා කිරීම සම්බන්ධයෙන් පහත ආකාරයෙන් විවිධාකාරයේ නීතිමය පදනම් විශාල ප්‍රමාණයක් තිබේ.

  • අනුමැතිය : විශේෂ අවශ්‍යතාවක් ඉටු කර ගැනීම වෙනුවෙන් ඔබගේ තොරතුරු සකස් කිරීමට ඔබ පැහැදිලි ලෙස අනුමැතිය ලබා දීම, සහ
  • නීත්‍යනුකූල අභිමතිය : ඔබගේ පෞද්ගලික තොරතුරු නීත්‍යනුකූල ආකාරයෙන් භාවිතා කිරීමට අවශ්‍ය අවස්ථාවකදී ( ඔබගේ පෞද්ගලික තොරතුරු නීත්‍යනුකූල අභිමතිය ඉක්මවා යන අවස්ථාවක් වැනි හොඳ හේතුවක් පවතින අවස්ථාවකදී).

මෙම වෙබ් අඩවිය හරහා එකතු කරනු ලබන හා භාවිත කරන පෞද්ගලික තොරතුරු, සම්බන්ධ විස්තර පහත ආකාරයෙන් වගුගත කළ හැකිය.

පෞද්ගලික තොරතුරු එකතු කරන ලද අවස්ථාවකදී රැස්කරනු ලබන පෞද්ගලික තොරතුරුවල ස්වභාවය ඔබගේ පෞද්ගලික තොරතුරු භාවිතා කරන හේතුව සහ කුමන ආකාරයෙන් භාවිතා කරනවාද

ඔබ වෙබ් අඩවියට ගොඩ වැදුන දිනය

තාක්ෂණිත දත්ත

වඩාත්ම පරිශීලනය කරන බ්‍රව්සර්ස්, උපාංග හා ගැලපෙන අන්තර්ගතයන් සම්බන්ධ වැදගත් තොරතුරු ප්‍රේක්ෂකයින්ට ලබාදීමට

මුලාශ්‍රය: තොරතුරු ඔබගේ සෘජුවම එකතු කරනු ඇත නීතිමය පදනම : නීත්‍යනුකූල උනන්දුව, අනුමැතිය

රඳවා තබා ගැනීමේ කාල සීමාව : අප ඔබගේ තොරතුරු රඳවා තබාගන්නේ ඒවා තබාගැනීමේ අත්‍යවශ්‍ය අරමුණ ඉටු වන

තෙක් පමණි.කිසියම් නීතිමය, නියාමන, බදු, විගණන හෝ වාර්තා කිරීමේ අවශ්‍යතා යනාදිය ඒ යටතට ගැනේ.

හුවමාරුව: මෙම තොරතුරු වෙනත් තුන්වන පාර්ශ්වයක් සමග බෙදාගන්නේ නැත.

ඔබ වෙබ් අඩවිය සමග සම්බන්ධ වීමේදී

වෙබ් අඩවියට එකතු වෙන ඕනෑම දත්තයක්

ඊමේල් ලිපිනය සහ/හෝ වෙනත් සම්බන්ධ කරගත හැකි දත්ත, නම සහ/හෝ වෙනත් අනන්‍යතාව හඳුනාගත හැකි දෙයක්, ඔබ ස්වේච්ඡාවෙන් සම්බන්ධ වුණ වෙනත් කිසියම් ආකාරයේ තොරතුරු යනාදිය මේ යටතට සලකා බැලේ.

මෙම තොරතුරු එකතු කිරීමෙන් අපේක්ෂා කරන්නේ වෙබ් අඩිවිය විසින් ඉදිරිපත් කරන සේවාවන් ගැලපෙන ආකාරයෙන් ඔබට ලබාදීම තහවුරු කිරීමට සහ වෙබ් අඩවියට සහ එහි ඇති අන්තර්ගතයට ඔබගේ අභිරුචිය ඇති කිරීමයි.

මුලාශ්‍ර: තොරතුරු ඔබගෙන් සෘජුවම එකතු කරනු ලැබේ. ඊට අමතරව පොදුවේ ප්‍රවේශ විය හැකි මූලාශ්‍රවලින් ද තොරතුරු එකතු කරනු ලැබේ (අන්තර්ජාල සෙවීම් සහ සමාජ මාධ්‍ය).

නීතිමය පදනම: නීත්‍යනුකූල උනන්දුව, අනුමැතිය

රඳවා තබා ගැනීමේ කාල සීමාව : අප ඔබගේ තොරතුරු රඳවා තබාගන්නේ ඒවා තබාගැනීමේ අත්‍යවශ්‍ය අරමුණ ඉටු වන තෙක් පමණි.කිසියම් නීතිමය, නියාමන, බදු, විගණන හෝ වාර්තා කිරීමේ අවශ්‍යතා යනාදිය ඒ යටතට ගැනේ.

හුවමාරුව: මෙම තොරතුරු වෙනත් තුන්වන පාර්ශ්වයක් සමග බෙදාගන්නේ නැත.

කුකීස් සහ වෙනත් ලුහුබැඳීමේ තාක්ෂණ

කුකීස් යනු ඔබගේ අන්තර්ජාල උපාංගය සමග සම්බන්ධ වනු ලබන කුඩා ප්‍රමාණයේ පණිවිඩ ගොනුවකි (උදා,පරිගණකය, ස්මාර්ට් දුරකථනය හෝ වෙනත් ඉලෙක්ට්‍රොනික උපාංගයක්) ඔබ මෙම වෙබ් අඩවිය පරිශීලනය කිරීමේදී ඔබව, ඔබගේ අන්තර්ජාල උපාංගය සහ ඔබගේ කැමැති දේවල් සහ මීට පෙර සිදු කරන ලද පරිශීලනයන් යනාදී තොරතුරු ගබඩා කර ගැනීමට වෙබ් අඩවියට උදවු වන්නේ කුකීස් හරහාය.

ඔබගේ අයිතිවාසිකම්

දත්ත ආරක්ෂණ නීති සම්පාදනය යටතේ ඔබට පහත දැක්වෙන ආකාරයේ අයිතිවාසිකම් ගණනාවක් ඇත:

  • ඔබගේ පෞද්ගලික තොරතුරු වලට ප්‍රවේශ වීමේ අයිතිවාසිකම
  • සමහර අවස්ථාවලදී ඔබගේ පෞද්ගලික තොරතුරු මකා දමන ලෙස ඉල්ලා සිටීමේ අයිතිවාසිකම ; සහ
  • සමහර අවස්ථාවලදී ඔබගේ පෞද්ගලික තොරතුරු සැකසීම දිගටම සිදු කිරීම ප්‍රතික්ෂේප කිරීමට ඔබට ඇති අයිතිවාසිකම; සහ
  • EEA හි පිහිටා ඇති අධික්ෂණ අධිකාරියකට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමේ අයිතිවාසිකම

ඔබගේ අයිතිවාසිකම් සම්බන්ධ කිසියම් ආකාරයේ අමතර දෙයක් තවත් දැනගැනීමට අවශ්‍ය නම් හෝ ප්‍රශ්න ඇසීමට ඇත්නම් කරුණාකර helaviruwo@protonmail.com හා සම්බන්ධ වන්න.

ඔබගේ පෞද්ගලික තොරතුරු ආරක්ෂිතව තබාගන්න

ඔබගේ පෞද්ගලික තොරතුරු අස්ථානගතවීම, භාවිත වීම හෝ වෙනත් පාර්ශ්වයක් අතට පත්වීම වැළැක්වීම සඳහා සුදුසු දත්ත ආරක්ෂණ ක්‍රමවේදයක් යොදාගන්න. ඔබගේ තොරතුරු දැනගත යුතු යැයි සිතන වැදගත් පුද්ගලයින්ට පමණක් ඔබගේ පෞද්ගලික තොරතුරු වලට ප්‍රවේශ වීම සීමා කරන්න. විශ්වාසය මත පදනම්ව වැඩ කළ හැකි බලය ලත් පුද්ගලයෙකු සමග පමණක් ඔබගේ පෞද්ගලික තොරතුරු බෙදාගන්න.

මෙම වෙබ් අඩවියේ රහස්‍යතා ප්‍රතිපත්තිය වෙනස්වීම

මෙම වෙබ් අඩවියේ රහස්‍යතා ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කරනු ලැබූවේ 2020.08.01 වන දා වන අතර, අවසන් වරට යාවත්කාලීන කරනු ලැබූයේ 2020.08.01 වන දිනය.

මෙම වෙබ් අඩවියේ ප්‍රතිපත්ති කාලයෙන් කාලයට වෙනස් විය හැකි අතර, යාවත්කාලීන වූ දේවල් දැන ගැනීම සඳහා ඔබට නිරන්තරව පරීක්ෂා කළ හැකිය.

කුකීස් ප්‍රතිපත්තිය

උත්පතන බැනරය සඳහා කෙටුම්පත් පෙළ

ඔබගේ අත්දැකීම් වැඩිදියුණු කිරීම සඳහා අපි කුකීස් භාවිත කරයි. අපි ඔබගේ තොරතුරු විශ්ලේෂකයින් සහ තුන්වන පාර්ශ්ව සේවාවන් සමග බෙදාගනිමින් පරිශීලකයින්ගේ අත්දැකීම් වැඩිදියුණු කිරීම සිදු කරන්නෙමු. රහස්‍යභාවය සම්බන්ධ ප්‍රතිපත්තිය කියවා වැඩිදුර තොරතුරු ලබාගන්න. “ එකඟයි” යන බොත්තම එබීම මගින් කුකීස් සහ ඒ හා සමාන අනෙකුත් තාක්ෂණය භාවිතා කිරීමට ඔබගේ එකඟතාවය ලබා දිය හැකිය.

කුකීස් ප්‍රතිපත්ති කෙටුම්පත

නිර්වචනය

කුකීස් යනු ඔබගේ අවසරය ඇතුව ඔබගේ පරිගණකයේ දෘඩ තැටිය (hard drive) තුළ ස්ථානගත කරන කුඩා ගොණුවකි. ඔබගේ එකඟතාවය ලැබුණු පසු ගොනුව එකතු කරනු ලබන අතර, කුකීස් මගින් වෙබ් තදබදය හෝ විශේෂ වෙබ් පිටුවලට ඔබ යන විට ඒවා විශ්ලේෂණය කරමින් ඔබව දැනුවත් කිරීමට උපකාරී වේ. ඔබට තනි පුද්ගලයෙකු ලෙස වෙබ් ප්‍රවේශයන්ට ප්‍රතිචාර දැක්වීමට කුකීස් මගින් අවසර ලබා දෙයි. ඔබ කැමති දේවල් ගැන තොරතුරු එකතු කිරීම හරහා වෙබ් ප්‍රවේශයන් ඔබගේ අවශ්‍යතාවන්ට, කැමති හා අකමැති දේවල් වලට අනුව සකස් වීම සිදුවේ.

වර්ග

උපවර්ගය 1 : ඉතාමත් අත්‍යවශ්‍ය කුකීස්

ආරක්ෂිත කලාප වැනි විශේෂිත ස්ථාන වෙත ඔබව රැගෙන යමින් වෙඩ් අවඩිය පුරා පරිශීලනය කිරීමට හා එහි විශේෂාංග භාවිත කිරීමට ඔබට හැකියාව ලබාදීමට මෙම කුකීස් අත්‍යවශ්‍යම වේ. ඔබ විසින් විශේෂයෙන්ම අසනු ලබන සේවාවන් වෙත ඔබව ප්‍රවේශ කිරීම මෙම කුකීස් වලින් සිදු කරනු ලබයි.

උපවර්ගය 2 : කාර්යසාධන කුකීස්

මෙම කුකීස් මගින් වෙබ් අඩවියට ගොඩ වදින්නන් එය භාවිතා කරන ආකාරය ගැන තොරතුරු එකතු කරනු ලබයි. උදාහරණයක් වශයෙන් පරිශීලකයින් වඩාත් ගොඩ වැදුනු පිටු මොනවාද, ඔවුන් ඒවාට ගොඩ වදිනවිට සිදු වූ තාක්ෂණික දෝෂ මොනවාද යනාදිය සැලකිය හැකිය. මෙම කුකීස් මගින් වෙබ් අඩවියට ගොඩවදින පුද්ගලයාගේ අනන්‍යතා තොරතුරු එකතු කරනු නොලබන අතර, පුද්ගල අනන්‍යතා සෙවීමෙන් තොරව නිර්නාමික ලෙස තොරතුරු එකතු කරනු ලබයි. එම තොරතුරු භාවිත කරන්නේ වෙබ් අඩවිය වැඩි දියුණු කිරීම සඳහා පමණි.

උපවර්ගය 3 : ක්‍රියාකාරීත්ව කුකීස්

ඔබගේ තෝරා ගැනීම් ( ඔබගේ පරිශීලක නාමය,භාෂාව හෝ ඔබ ජීවත්වන ප්‍රදේශය වැනි) වැඩි දියුණු කළ දේවල්, බොහෝ පෞද්ගලික විශේෂාංග යනාදිය වෙබ් අඩවියට මතක් කර ගැනීමට අවසර ලබාදීම මෙම කුකීස් මගින් සිදු කරනු ලබයි. උදාහරණයක් ලෙස කුකීස් මගින් ගබඩා කරන ලද දත්ත මත පදනම්ව ඔබ ජීවත් වන ප්‍රදේශයේ කාලගුණ තත්ත්වය කුමක්ද, මාර්ග තදබදය කෙසේද යන්න ඔබට දැනුම් දීම වැනි සේවාවන් සැපයිම දැක්විය හැකිය. එමෙන්ම අකුරුවල ප්‍රමාණය, අකුරු වර්ගය, වෙබ් පිටුවේ අනෙකුත් කැමති දේවල් යනාදිය සම්බන්ධයෙන් ඔබ සිදු කරනු ලැබු වෙනස්කම් යනාදිය මතක් කර දිම ද මෙම කුකීස් හරහා සිදු කරනු ලබයි. වීඩියෝ නැරඹීම, බ්ලොග් පිටුවකට පිළිතුරු සැපයීම වැනි ඔබගෙන් අසනු ලැබූ දෙයකට අදාළ සේවාවන් සැපයීමද මෙම කුකීස් මගින් සිදු කරනු ලබයි. මෙම කුකීස් වර්ගය මගින් එකතු කරනු ලබන තොරතුරු නිර්නාමික වන අතර ඒවාට ඔබ විසින් පරිශීලිනය කරනු ලැබූ වෙනත් වෙබ් අඩවි සම්බන්ධ තොරතුරු ලබාගත නොහැකිය. එමෙන්ම ඔබගේ අත්දැකීම් වැඩි දියුණු කිරීම සඳහා ඔබ සිදු කරනු ලැබූ තෝරාගැනීම් ගැන මතක් කර දීම ද මෙම කුකීස් මගින් සිදු කරනු ලබයි.

උපවර්ගය 4 : ඉලක්කගත කුකීස් හෝ ප්‍රවර්ධන කුකීස්

ඔබට වඩාත් අදාළ සහ ඔබගේ රුචිකත්වයට ගැලපෙන ආකාරයේ දැන්වීම් ඔබ සමග බෙදා ගැනීම මෙම කුකීස් මගින් සිදු කරනු ලබයි. එමෙන්ම ඔබ ඒ දැන්වීම් නරඹන වාර ගණන සීමා කිරීම ද එම කුකීස් හරහා සිදු කරන අතර, දැන්වීම් ප්‍රවර්ධන ව්‍යාපෘතිවල ඵලදායීතාවය මැනීම ද සිදු කරනු ලබයි. වෙබ් අඩවිය පරිපාලනය කරනු ලබන පුද්ගලයාගේ අවසරය ඇතුව මෙම කුකීස් වර්ගය දැන්වීම් ජාල තුළ ස්ථානගත වන අතර, ඔබ විසින් දැන්වීමක් නැරඹු පසු ඒවා මතකයෙහි තබා ගනිමින් දැන්වීම් ප්‍රවර්ධන ආයතන සමග එම තොරතුරු බෙදා ගැනීම මගින් සම්බන්ධීකරණය සිදු කිරීම මෙම කුකීස් හරහා සිදුවේ. සමහර අවස්ථාවලදී ඉලක්කගත හෝ ප්‍රවර්ධන කුකීස් වෙනත් ආයතන විසින් සිදු කරනු ලබන ක්‍රියාකාරීත්වයන් සමග සම්බන්ධ කෙරේ.

ඊට අමතරව තුන් වන පාර්ශ්වයේ සේවාවන් විසින් කුකීස් පහත කරුණු සඳහා භාවිතා කරනු ලබයි.

  • දැන්වීම් ප්‍රවර්ධනය
  • අන්තර්ජාල පරිශීලන ඉතිහාසය නිර්නාමික ලෙස පර්යේෂණය කිරීම
  • වෙබ් අඩවියේ ගතිකතාවය විශ්ලේෂණය කිරීම

අපි කොහොමද කුකීස් භාවිත කරන්නෙ?

සමස්තයක් වශයෙන් ගත් කල, වෙබ් අඩවිය තුළ කුමන පිටු ඔබට වැදගත් ද , වැදගත් නොවන ඒවා මොනවාද යන්න අධීක්ෂණය කර ගනිමින් ඔබට වඩාත් සුහුරු වෙබ් අඩවි පරිශීලන අත්දැකීමක් ලබා දීමට කුකීස් උපකාර තරයි. එමෙන්ම කුකීස් වලට අවසරය ලබාදීමට එකඟවීමට හෝ නොවීමට ඔබට තෝරාගත හැකිය. බොහෝ වෙබ් අඩවි ස්වයංක්‍රීයවම කුකීස් පිළිගන්නා නමුත්, ඔබට නිරන්තරයෙන්ම ඔබගේ බ්‍රවුසරය තුළ යාවත්කාලීන කිරීම හා වෙනස් කිරීම සිදු කිරීම මගින් කුකීස් වලට ඔබගේ අන්තර්ජාල සෙවුම් නිරාවරණය වීම වැළැක්විය හැකිය. එහෙත් වෙබ් අඩවියෙන් ඔබට ලබාගත හැකි උපරිම ප්‍රයෝජනය ලබා ගැනීම එමගින් වළක්වනු ඇත.

කුකීස් ප්‍රතික්ෂේප කිරීම/ ඔබගේ බ්‍රවුසරය (සෙවීම් යාන්ත්‍රණය) සකස් කරන්නේ කෙසේද?

කුකීස් ප්‍රතික්ෂේප කිරීම සඳහා ඔබගේ සෙවුම් යාන්ත්‍රණය වෙනස් කර ගැනීමට අවශ්‍ය උපදෙස් ලබා ගැනීමට ගූගල් ක්‍රෝම් සඳහා මෙතැන ක්ලික් කරන්න. සෆාරි සඳහා මෙතැන, ෆය‍ෆොක්ස් සඳහා මෙතැන. මීට අමතරව දැනටමත් සම්බන්ධ වී ඇති සියලුම කුකීස් මකා දැමීම සඳහා ඔබගේ පරිගණකයේ දෘඩ තැටිය පරීක්ෂා කර කුකීස් පවතින සියලුම ගොනු මකා දමන්න.