රී ලංකාවේ තිබෙන මේ මනස්කාන්ත ලස්සන තැන් ගැන ඔබෙන් කී දෙනෙක් දන්නවද?

රී ලංකාවේ තිබෙන මේ මනස්කාන්ත ලස්සන තැන් ගැන ඔබෙන් කී දෙනෙක් දන්නවද?

ලෝකයේ වෙනත් කිසිදු ස්ථානයක සොයාගත නොහැකි  අතිශය  අපූර්වත්වයෙන් පිරි ස්වභාවික සුන්දරත්වයක් ඇති භූමියක් නම් ඒ අපගේ ශ්‍රී ලංකාවයි.  මේ සුන්දර ස්ථාන අතරින් සමහර ඒවා ප්‍රසිද්ධ අතර, තවත් ඒවා ඒ තරම් ප්‍රචලිත නැත. බලමු ඔබෙන් කී දෙනෙක් මේ ස්ථාන ගැන දන්නවාද කියලා?

Sigiriya

Credit: Yves Alarie / Unsplash

ඓතිහාසික නගර සැලසුම් සම්බන්ධව ලෝකයේ ඇති පැරණිතම උදාහරණයක් ලෙස සැලකිය හැකි පුදුම හිතෙන  සීගිරිය ශිඛර බලකොටුව මධ්‍යම පළාතේ පිහිටලා තියෙනවා. ක්‍රි.ව 477 දී කාශ්‍යප රජතුමා විසින් නිර්මාණය කළ යැයි සැලකෙන මෙම බලකොටුව සියවස් ගාණක් තිස්සේ බෞද්ධ ආරාම සංකීර්ණයක් ලෙසයි භාවිත වෙලා තියෙන්නෙ.

Arugam Bay

Credit: Tomáš Malík / Unsplash

අග්නිදිග වෙරළ තීරයේ පිහිටා ඇති ආරුගම්බේ, දිලිසෙන මුහුදු වෙරළක් සහ කලපු නිසා ලෝකයේ අතිශය ප්‍රසිද්ධයට පත්ව ඇති අතර, ඉන්දීය සාගරයේ දිය රැළි අතර සර්ෆින් ක්‍රීඩාවේ  නිරතවීමට කැමති අය ලොව නන්දෙසින් පැමිණෙන ජනප්‍රිය ස්ථානයකි.

Yala National Park

Credit: Tom Nicholson / Unsplash

වැලි තීර, වනාන්තර සහ කලපු යනාදියේ එකතුවකින්  විවිධත්වයට පත් වූ යාල ජාතික වනෝද්‍යානය  ලොව ඇති විශිෂ්ටතම ස්වභාවික රක්ෂිතයක් ලෙස පිළිගන්නවා. මෙම වනෝද්‍යානය අලි සහ දිවියන්  ඇතුළු විවිධ වනජීවින් නැරඹීමේ තෝතැන්නක් ලෙසයි සැලකුම් ලබන්නෙ. යාල වනෝද්‍යානයේදී දිවියෙකු දැකගැනීමට ඔබ තවමත් වාසනාවන්ත වුණේ නැද්ද? 

Hiriketiya Beach

Credit: Fredrik Öhlander / Unsplash

ශ්‍රී ලංකාවේ පිහිටා ඇති සුන්දර  මුහුදු වෙරළවල් අතරින් වඩාත් සුන්දර එකක් ලෙස හිරිකැටිය මුහුදු වෙරළ සැලකුම් ලබනවා. පොල්ගස් වලින් වටවූ කුඩා බොක්කක් වන මෙය ඔබගේ මනස සංසුන් කර ගැනීමට මෙන්ම සර්ෆ් ක්‍රීඩාව ඉගෙන ගැනීමටත් කදිම ස්ථානයක්. ඒ විතරක් නෙවෙයි ඔබට තැඹිලි ටිකක් බී විඩාව නිවාගන්නත් ඒත් නැත්නම් සැර පානයක රස විිඳින්නත් සත්තකින්ම මෙය කදිම ස්ථානයක්.

Adam's Peak

Credit: Manoj Dharmarathne / Unsplash

ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ පිහිටා ඇති ඇඩම්ස් පීක් එහෙමත් නැතිනම් හැමෝම දන්න ශ්‍රී පාදස්ථානය කියන්නේ වළාකුළු සිපගන්න ශිඛර මුදුනක්. බෞද්ධයින් විසින් බුදුරජාණන් වහන්සේගේ දකුණු ශ්‍රී පතුල ස්පර්ශ වූ ස්ථානය යැයි විශ්වාස කරන ශ්‍රී පාදය මුස්ලිම්, ක්‍රිස්තියානි සහ හින්දු බැතිමතුන්ගේ ද වැදගත් ස්ථානයක් ලෙස ඔවුන් සලකනවා.

Nuwara Eliya

Credit: Rowan Heuvel / Unsplash

ලෝක ප්‍රසිද්ධ සිලෝන් තේවල එක් මූලාශ්‍රයක් තමයි නුවරඑළිය තේ වතු වගාවන් කියන්නෙ. මේ තේ වතු  සුන්දර ගෙගරි වැවේ ඉදලා ගොඩාක් දුරින් පිහිටලාත් නැහැ.  එහි ඇති ශිතල දේශගුණය වසරේ ඕනෑම කාලයක ඔබව සාදරයෙන් පිළිගන්න බලාගෙන ඉන්නවා!

Mirissa

Credit: Youhana Nassif / Unsplash

කවදා හරි ඩොල්පින් මාළු හෝ තල්මසුන් දැකලා තියෙනවාද?  මේ අපූර්ව මුහුදු ජීවින් ඉතාමත්ම සමීපව ඇස් මට්ටමට බලාගන්න නම් ලෝකයේ ඇති හොඳම තැනක් තමයි මිරිස්ස කියන්නෙ. ඔබගේ ඊළග ප්‍රෙෆයිල් පින්තූරය සරසගන්න කදිම ස්ථානයක් තමයි මුහුදෙන් වටවුණ මේ සුන්දර කුඩා දිවයින.

Udawalawe Reservoir

Credit: Youhana Nassif / Unsplash

වනය අතරින් පතර මතුවෙන වන අලි විශාල ප්‍රමාණයක් ඇතුළු ලස්සන දර්ශන ටිකක් බලන්න, ස්වභාවික පරිසරය වගේම විශිෂ්ට ඉංජිනේරුවන් විසින් නිර්මාණය කරන ලද වැව් බැම්මේ සිට අවට සුන්දරත්වය බලන්න නම් මේ සියල්ලෙහි පරිපූර්ණ  එකතුවක් තමයි උඩවලව රක්ෂිතය කියන්නෙ. 

Kandy Lake

Credit: Florian Wehde / Unsplash

දළදා මාලිගය ඉදිරිපස ඇති නුවර වැව, එහෙමත් නැත්නම් කිරි සයුර ක්‍රි.ව 1807 දී ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා විසින් නුවර මධ්‍යයේ නිර්මාණය කරල තියෙනවා.

Nine Arch Bridge

Credit: Yves Alarie / Unsplash

සුන්දර දෙමෝදර හරිත කඳුවැටි යාය දෙබෑ කරගෙන හදපු අහස් ගව් පාලමක් කියලා හඳුන්වන එහෙමත් නැත්නම් ආරුක්කු නවයේ පාළම ලෙස ප්‍රසිද්ධ මේක විශ්මය ජනක බෝක්කු පාලම් නිර්මාණයක්.  20 වන සියවසේදී නිර්මාණය කෙරුණු අනෙකුත් පාලම් වලට වඩා වෙනස්වෙන්නෙ කළුගල් සහ කොන්ක්‍රීට් යොදාගෙන ඉතා පෞරාණික පෙනුමක් එයට ලැබෙන ලෙස නිර්මාණය කරලා තියෙන නිසයි. 

Kalu Diya Pokuna

Credit: Michael Gunther / Wikimedia Commons

මහා නිහැඩියාවක්  සහ සන්සුන් පරිසරයක් තිබෙන විශාල පුරා විද්‍යා වන රක්ෂිතයක් මධ්‍යයේ පිහිටා ඇති කළු දිය පොකුණ අනුරාධපුරයේ පිහිටා ඇති ස්වභාවික කළු පැහැති ජලය පිරුණු පොකුණක්.  මෙම ප්‍රදේශය ක්‍රි.ව 2 වන සියවසේදී පමණ නිර්මාණය වී ඇතැයි සැලකෙන අතර මෙම පොකුණ ඉතාම සමීපයෙන් තිබෙන ආරාම සංකීර්ණයේ වාසය කරන භික්ෂූන් වහන්සේලාගේ ජල අවශ්‍යතාවය වෙනුවෙන් සැදී පැහැදී සිටිනවා.