ශ්‍රී ලංකාව පුරා විසිරී ඇති පිස්සු හැදෙන නිවාඩු ගමනාන්ත

ශ්‍රී ලංකාව පුරා විසිරී ඇති පිස්සු හැදෙන නිවාඩු ගමනාන්ත

ස්වාභාවික පුදුමයන්ගෙන් පිරුණු, සුපිරි වනජීවි  අත්දැකීම් ලැබිය හැකි විශ්වයේ ඇති ලස්සනම සහ විවිධත්වයෙන් පිරුණු රටවල් අතරින් එකක් තමයි ශ්‍රී ලංකාව කියන්නෙ. ඔබ නිවාඩුවක් ගත කිරීමට සැලසුම් කරනවා නම්  ලෝකය පුරා විසිරී සිටින මිනිසුන් අත්දැකිමක් කරගන්න කැමති ශ්‍රී ලංකාව තෝරා ගැනීමට ඔබට බොහෝ වේලාවක් ගත වෙන්නෙ නෑ..

 

Goyambokka Beach, Tangalle

Credit: Wikimedia Commons

විශ්වය පුරා ඇති ඕනෑම වෙරළ තීරයන්ගෙන් පට්ටම ලස්සන වෙරළ තීර කිහිපයක් ශ්‍රී ලංකාවේ පිහිටලා තියෙනවා. ඒත් සමහර අය කියනවා තංගල්ලේ තියෙන ගොයම්බොක්ක වෙරළ තීරය තමයි ශ්‍රී ලංකාවේ තියෙන ලස්සනම එක කියලා.

 

Mirissa

ඔබ ඩොල්පින් නැරඹිමට ආස කෙනෙකු නම් මිරිස්ස තරම් සුන්දර තැනක් විශ්වයේ වෙන කොතැනකවත් නැහැ. නැවක ඉදන් ඩොල්පින් මාළුවන් සමීපයෙන් බලන්න, සමහරවිට තල්මසුන් දකින්නත් ඔබට පුළුවන් වේවි.

 

Vankalai Bird Sanctuary, Mannar

මේ ඉන්න විසිතුරු ෆ්ලෙම්න්ගෝ කුරුල්ලන් ඇතුළු ලෝකයේ සිටින සිත් ඇඳගන්නා සුළු ලස්සන කුරුල්ලන්ගේ නිජ භූමියක් ඔබට බලන්න නම් ඒ මන්නාරමේ තියෙන වන්කලායි කුරුළු අභයභූමිය තමයි.

 

Ella, Uva Province

ඔබ ඌව පළාතේ පිහිටලා තියෙන ඇල්ල අවට ඇවිද්දොත් දියඇලි ගණනාවකම ඇත්තම සාමකාමී සහ සන්සුන් අත්දැකීම් ලබාගන්න පුළුවන්.

 

Kosgoda Sea Turtle Conservation Project

දකුණු මුහුදු තීරයේ කැස්බෑ අභිජනන මධ්‍යස්ථාන විශාල ප්‍රමාණයක් පිහිටා තිබූණත්, කොස්ගොඩ තිබෙන මුහුදු කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතිය තමයි ඒ අතරින් හොඳම එක. අලුත උපන් ලස්සන කැස්බෑ පැටව් ඇතුළු විවිධ වර්ගයේ කැස්බෑවන්ට එතැන කදිම නිවසක්.

 

Delft

Credit: the common wanderer

ඩෙල්ෆ්, ශ්‍රී ලංකාවේ උතුරු දිග මුහුදු තීරයේ පිහිටා ඇති කුඩා කොරල් දුපතක්. 16 වැනි සියවසේදී පෘතුගීසිීන් විසින් ගෙන ආව අශ්වයින්ගෙන් පැවත එනවා යැයි විශ්වාස කරන වල් අශ්වයින් සහ පෝනියන්  පට්ටි ගණන් සිටින නිවෙස්නක් විදියට සැලකෙනවා. ඒවගේම ලන්දේසි කොටුවේ නටඹුන් කිහිපයකුත් මේ ස්ථානයේදී ඔබට බලාගන්න පුළුවන්.

 

World's End, Horton Plains National Park

Credit: Eddy Billard, Unsplash

හෝටන් තැන්න ජාතික උද්‍යානයේ පිහිටා ඇති ලෝකාන්තය ඉතාම ජනප්‍රිය සංචාරක ආකර්ශනයක් වෙන්න හේතු තියෙනවා. ඔබ හෝටන් තැන්නේ ඇවිද ගොස් අවසන් වන තැන දකින්නට ලැබෙන මනස්කාන්ත දර්ශනය සහ මිදුම නැති පැහැදිලි අහසක් ඇති දිනෙක ඔබට ඉන්දීය සාගර තීරය දක්වාම පැහැදිලි දසුනක්  නරඹන්නට හැකිවීම එයට හේතුවයි.

 

Botanical Gardens, Peradeniya

විවිධාකාරයේ ගස්වර්ග 4000ක් පමණ ඇති පේරාදෙණිය උද්භිද උද්‍යානය මහනුවරට බටහිරට වෙන්න පිහිටලා තියෙන ලස්සන තැනක්. හැබැයි ඒක ගොඩක්ම ප්‍රසිද්ධි එහි ඇති විස්මිත උඩවැඩියා මල් එකතුව නිසා. 

 

Yala National Park, Katagamuwa

Credit: Gautam Arora, Unsplash

යාල ජාතික වනෝද්‍යානය, වැලී තීරය, කලපු සහ වනාන්තරය යන ප්‍රදේශ සියල්ලම ඇති විශාල සහ විවිධත්වයෙන් උපරිම ස්ථානයක්.  එය විවිධාකාරයේ වනජීවින්ට කදිම තෝතැන්නක් වුවත් හැමදෙනාම දන්නවා අලි සහ දිවියන් බලන්න තමයි යාල හොඳම තැන කියලා.

 

Devil's Staircase, Ohiya

ඔහියෙ පිහිටලා තියෙන  යක්ෂයාගෙ පඩිපෙළ කඳු නගින්නන් අතර ජනප්‍රිය ගමනාන්තයක්. හැබැයි නිර්භීත සහ ත්‍රාසජනක අත්දැකීම්වලට කැමති අයගෙ තමයි. ඒකට දාල තියෙන නමටම ගැලපෙන විදියට කිලෝමීටර් 14ක දුරක් ඔබට ලිස්සන සහ කඩතොළු සහිත කඳු තරණයක් කරලා තමයි මෙතැනට ළගා වෙන්න පුළුවන් වෙන්නෙ. ඔබ එඩිතරයිද?

 

Tea Plantations, Haputale

නිමාවක් නැති හරිත පැහැති තේ වතු යායක් නැරඹීමට ඔබට අවශ්‍ය නම් ඒ මනස්කාන්ත දර්ශනය ඔබට ලබා දිය හැක්කේ ශ්‍රී ලංකාවේ හපුතලේ ඇති තේ වගාවටයි. තේ වතු මැදින් දිවෙන කඳු දිගේ ඇවිද යාමට, ලිප්ටන් සීට් සහ අවශ්‍ය නම් ඇඩ්ෂම් බංගලාවෙහි ඇති ශාන්ත බෙනඩික් තාපසාරාමය නැරඹීමටත් ඔබට මෙම ගමන අවස්ථාවක් කරගන්න පුළුවන්.