ශ්‍රී ලංකාවේදී ඔබ නැරඹිය යුතුම පුදුම හිතෙන ආගමික ස්ථාන

ශ්‍රී ලංකාවේදී ඔබ නැරඹිය යුතුම පුදුම හිතෙන ආගමික ස්ථාන

ශ්‍රී ලංකාව දිගු සහ පොහොසත් ආගමික හා සංස්කෘතික ඉතිහාසයක් ඇති රටකි.  වසර දහස් ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ආගමික ස්ථාන විශාල ප්‍රමාණයකින් මෙම රට පිරී තිබෙන බවයි එයින් අදහස් කරන්නේ. ඒවා අතරින් කීයක් ඔබ නරඹලා තියෙනවාද?

 

The Temple of the Sacred Tooth, Kandy

Credit: A. Savin (Wikimedia Commons)

ශ්‍රී දළදා මාලිගාව ඓතිහාසික මහනුවර රාජධානියේ රාජකීය මාලිගාව පිහිටි ස්ථානයේම බුදුරජාණන් වහන්සේගේ වම් දන්ත ධාතුන් වහන්සේ තැන්පත් කර තිබෙන වන්දනීය ස්ථානයකි.  වසර සිය ගණනාවක් පුරාම දන්ත ධාතූන් වහන්සේ වැඩ සිටින ස්ථානය ශ්‍රී ලංකාවේ අග නගරය ලෙස  සැලකුණ අතර, දන්ත ධාතුන් වහන්සේ මහනුවර නගරයේ වැඩ සිටින්නේ 14 වන සියවසේ සිටය.

 

Nallur Kandswamy Kovil, Jaffna

Credit: Gane Kumaraswamy, Flickr

නල්ලූර් කන්දසාමි හින්දු කෝවිල යාපනය ප්‍රදේශයේ ඇති පූජනීය ස්ථානයකි. මුරුග දෙවියන් වේල් කරත්තයක නැගී ශුද්ධ වස්තුවක් ලෙස පෙනී සිටිම මෙම කෝවිලේදී දැකගත හැකිය. දහවන සියවසේ සිටම මුරුග දෙවියන් වෙනුවෙන් දේවාල කැප කර තිබෙන අතර, වර්තමානයේදී තිබෙන කෝවිල 1734 වර්ෂය දක්වා අතීතයකට ගමන් කරයි.

 

Jami-Ul-Alfar Mosque, Colombo

Credit: Dan Lundberg (Wikimedia Commons)

1909 වර්ෂයේදී පමණ ගොඩනැගුවා යැයි සැලකෙන ජම්- අල්- අෆටාර් මුස්ලිම් පල්ලිය කොළඹ නගරයේ පිහිටි ඔබ නැරඹිය යුතුම ස්ථානයකි.  ඉන්දු - ඉස්ලාමීය මූලිකාංග පිළිබිඹූ වන ආකාරයට ඉන්දීය ගෘහ නිර්මාණ ශිල්පයට නෑකම් කියන ලෙස නිර්මාණය කර ඇති මෙය පුදුම හිතෙන සුවිශේෂි සිද්ධස්ථානයකි. එමෙන්ම එහි ඇති රතු සහ සුදු වර්ණය මිශ්‍රිත විශිෂ්ට  නිර්මාණශීලීභාවය නිසා එය “ රතු පල්ලිය“ ලෙසද හඳුන්වයි. 

 

St. Lucia's Cathedral, Kotahena

Credit: Bevan (Wikimedia Commons)

16 වන සියවසේදී ලන්දේසී පාලන කාලය තුළ  කුඩා පල්ලියක් ලෙස නිර්මාණය කරන ලද කොටහේන ශාන්ත ලුසියා ආසන  දෙව්මැදුර වර්තමානයේදී ඉතා විසිතුරු ලෙස නිර්මාණය කර තිබෙන්නේ කොළඹ රෝමානු කතෝලික අගරදගුරු වරයා නියෝජනය කරන ආසනය වශයෙන් සලකමිනි.

 

The Atamasthana, Anuradhapura

Credit: Wimukthi Bandara (Wikimedia Commons)

ජය ශ්‍රී මහා බෝධිය, ථූපාරාමය, ලෝවාමහාපාය, රුවන්වැලි මහා සෑය, මිරිසවැටිය චෛත්‍යය, අභයගිරිය ස්තූපය, ජේතවනාරාමය ස්තූපය සහ ලංකාරාමය යන පූජනීය ස්ථාන අට අනුරාධපුරයේ ඇති අටමස්ථානය ලෙස  හඳුන්වයි. පහතින් දැක්වෙන රූපය ජේතවනාරාම ආරාම නටඹුන් සංකීර්ණයේ පිහිටා ඇති ජේතවනරාමය දාගැබයි. 

 

Koneswaram Temple, Trincomalee

Credit: Shamli071 (Wikimedia Commons)

නැගෙනහිර පළාතේ ඉතිරිව ඇති හින්දු ආගමික වන්දනීය ස්ථානවලින් ප්‍රධානතම ස්ථානයක් ලෙස  ත්‍රිකුණාමලයේ පිහිටා ඇති සාම්ප්‍රදායික - මධ්‍යකාලීන හින්දු දේවාලයක් වන කෝනේෂ්වරම් කෝවිල පිදුම් ලබයි. පුරා විද්‍යාඥයින් පවසන ආකාරයට මෙම කෝවිල 6වන සියවසටත් එහා ගිය ඉතිහාසයක් ඇති අතර වර්තමානයේදී එය කොනේෂ්වර දෙවියන්ගේ අලංකාර රන් පිළිමයකින් අලංකාර වී ඇත. 

 

The Shrine of Our Lady of Madhu, Mannar

Credit: BT Images

වසර 400 කට එහා ගිය ඉතිහාසයක් ඇති අපගේ මඩු ආර්යාවගේ සිද්ධස්ථානය මන්නාරම දිස්ත්‍රීක්කයේ පිහිටා ඇති  රෝමානු කතෝලික දේවස්ථානයකි. ශ්‍රී ලංකාවේ කතෝලික ප්‍රජාවට වන්දනාමාන කිරීම සඳහා ඇති  පාරිශුද්ධ දේවස්ථානයක් ලෙස අභිසෙස් ලබන මඩු දේවස්ථානය ශ්‍රී ලංකාවේ පිහිටි ශුද්ධ කතෝලික ස්ථානයක් ලෙසද සැලකේ. ඔබ දන්නවාද මෙම ස්ථානය වන්දනා කරන අය සර්ප දෂ්ටනයන්ගෙන් ආරක්ෂා වනවා ය යන  හාස්කම් සමග ද සම්බන්ධ බව? 

 

Grand Mosque of Colombo

Credit: Lakpura

කොළඹ පිහිටි මුස්ලිම් මහ පල්ලිය දිගු සහ අද්භූත ඉතිහාසයක් ඇති ශුද්ධ ස්ථානයකි. වාර්තාගත ඉතිහාසය දක්වන ආකාරයට එය වසර 500ක් පමණ පැරණි පල්ලියක් වුවද, සමහර කරුණු පෙන්වා දෙන ආකාරයට ඊට වඩා දෙගුණයක් තරම් ඉතිහාසයක් මෙම පල්ලියට ඇතැයි පැවසේ. මෙය ශ්‍රී ලංකාවේ පිහිටා ඇති පැරණිතම ඉස්ලාම් පල්ලිය ලෙස සැලකෙන අතර, වර්තමානයේ ඇති පල්ලියේ සැකැස්ම 1820දී පමණ නිර්මාණය කර තුවාන් බගූස් ශාන්තුවරයා වෙනුවෙන් වෙන් කර ඇති බව සැලකේ.