ඔබ ඇත්ත වශයෙන්ම කොපමණ ආතතියකින් පසුවෙනවාද?

ඔබට දවස තුළ සිදු කිරීමට තියෙන සියලුම වගකීම් ඉටු කරන්න අවශ්‍ය තරම් කාලය තිබෙනවා කියලා ඔබට දැනෙනවාද?

ඔබ අනෙක් යම් දෙයක් සම්බන්ධයෙන් වධ වෙන නිසා ඔබගේ යතුර අමතක වීම, නැවතුම් ස්ථාන මග හැරීම වැනි කුඩා අතපසුවීම් සිදුවෙනවාද?

රාත්‍රී කාලයේදී යම් යම් දේවල් සිතීම නැවැත්වීමට අපහසු වීම නිසා ඔබට නින්ද අහිමි වෙලා තියෙනවාද?

ඔබ සමාජ මාධ්‍ය ජාල තුළ වාද විවාද වලට යොමු වෙලා තියෙනවාද?

ඔබ සම්බන්ධ‍යෙන් ඔබගේ පවුලට ඇති බලාපොරොත්තු වලට අනුව ඔබ ජීවත් නොවීම ගැන කණස්සල්ලට පත්වෙනවාද?

කුඩා රැකියා ප්‍රමාණයකට විශාල මිනිසුන් ප්‍රමාණයක් සිටින බව ඔබට දැනෙනවාද?

ඔබගේ රැකියාව අහිමි වේය යන බියෙන් හෝ රැකියාවක් සොයාගැනීමට අපහසුවේය යන බියෙන් ඔබ කණස්සල්ලට පත්ව සිටිනවාද?

ශ්‍රී ලංකාව තුළ විවිධ පසුබ්ම් සහිත මිනිසුන් බොහෝ ප්‍රමාණයක් සිටීම ගැන ඔබ කණස්සල්ලට පත්වෙනවාද?

සුළුතර ජන ප්‍රජාවන් සම්බන්ධයෙන් ඔබට කවදා හෝ තරහක් ඇති වෙලා තියෙනවාද?

ඔබ මාර්ග තදබදයකට හසුවූ අවස්ථාවකදී තරහ යනවාද?

ඔබගේ ජීවන විලාසයට කෝවිඩ් -19 තත්ත්වය කොපමණ බරපතල ලෙස බලපෑවාද?

< Back to Play Page